2011-12-14

කූඩ ගැටලුවට හමුදාවෙන් විසඳුමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සුපුරුදු පරිදි එළවළු සහ  පළතුරු රැගෙන එන ලෙස යුද හමුදාව අද ගොවීන්ට උපදෙස් දුන්නා. ගොවීන් අද ආර්ථික මධ්‍යස්ථානයේ විරෝධතාවයේ නිරත වන අවස්ථාවේ එහි පැමිණි මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර මහතා එම උපදෙස් දුන් බවයි අප වාර්තාකරු පවසන්නේ. ප්ලාස්ටික් ඇසුරුම් නොමැතිව එළවළු හා පළතුරු රැගෙන එන විට යම් ගැටලූවකට මුහුණ දුනහොත් එය නිරාකරණය කිරීමට පියවර ගන්නා බවද ආඥාපතිවරයා සහතික වී තිබෙනවා. ඉන් අනතුරුව ගොවීන් සතුටින් විසිර ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
අද අලූයම දක්වා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දැන් විවෘත කර ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.
කෙසේ වෙතත් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කළ නීතිය මෙතෙක් නිල වශයෙන් ඉවත් කර නැහැ. ඊට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයක තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. පිටකොටුව මැනින් වෙළෙඳපොළ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක නිරත වන්නේ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.  මෙම උද්ඝෝෂණ නිසා පිටකොටුව ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද පවතිනවා. කලහකාරි තත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා හමුදා බලඇණිද කැඳවා සිටින බවයි එහි සිටින අප වාර්තාකරු පවසන්නේ. මැනිං වෙළෙඳපොළ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. 
මේ අතර නුවරඑළිය ආගරපතන ප‍්‍රදේශයේ ගොවීන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වනවා. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේද මෙවැනිම උද්ඝෝෂණයක් සිදු කෙරෙන බව නෙත් වාර්තාකරු පවසනවා. 






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.