2011-12-14

ජලාශ රැසක් වාන්දමයි

ශී‍්‍ර ලංකාවට නැගෙනහිර ගිනිකොන සහ දකුණු මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් පමණ වන සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි වීම ඊට හේතුවයි. රටපුරා ප‍්‍රදේශ බොහෝමයකට අදත් වැසි ලැබෙනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළා.
අද උදෑසන 8 යි 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ රත්මලානටයි. එහි අගය මිලිමීටර් 61 යි දශම 5ක්. පොතුවිල් ප‍්‍රදේශයට මිලිමීටර් 23 යි දශම 6ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර ප‍්‍රධාන ජලාශ 10ක් සහ මධ්‍යම ප‍්‍රමාණයේ ජලාශ 27ක් වාන් දමන බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජී.ජී.ඒ. ගොඩලියද්ද මහතා පවසන්නේ. බදුල්ල, මොණරාගල, හම්බන්තොට, මඩකලපුව සහ ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්කවල ජලාශ මෙලෙස වාන් දමමින් තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.