ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පාසල් දැරියක් අපහරණය කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 14 හැවිරිදි දැරිය මේ වන විට ගැබිනියක් බවයි පොලීසිය පවසන්නේ. කරුවලගස්වැව එගොඩපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රතිකාර කටයුතු පවත්වාගෙන ගිය සැකකරු ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටියා. දැරිය එම ප‍්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමුවී ඇත්තේ නිරන්තර සිහිසුන් වීමේ රෝගයක් හේතුවෙන්. එහිදී දැරිය සිහිසුන් වූ අවස්ථාවක සැකකරු මෙම අතවරය සිදු කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 58ක අයෙකු වන අතර ඔහු අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2011-12-15
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.