2012-01-17

13න් එහාට ගිය විසඳුමක්


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය දේශපාලන විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහතික වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
ඉකුත්දා ප‍්‍රසිද්ධ කෙරුණු උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළකළා.
ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද සහතිකය ක‍්‍රියාත්මක කිරීමේ කාල රාමුවක් සම්බන්ධයෙන් එකගතාවක් ඇති වූයේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප‍්‍රශ්න කළා. අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා පැවසුවේ එවැනි කාලරාමුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොවූ බවයි.
ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන විසදුමක් ක‍්‍රියාත්මක කළ යුත්තේ කාලරාමුවක් අනුව නොවන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.