2012-01-17

බදු ඉහළ නැංවීමක් රටට අනවශ්‍යයි


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ආනයන බදු ඉහල නැංවිම එක්සත් ජාතික පක්‍ෂයේ විවේචනයට ලක්වනවා. එම පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නේ එවැනි බදු ඉහළ නැංවීමක් රටට අනවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ආයනය මිල ඉහළ නැංවීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවෙක මිල ඉහළ නොයෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. එම ආහාර ද්‍රව්‍යවල ලෝක වෙළෙඳ පොලේ මිල ගණන් පහත වැටී තිබීම ඊට හේතුව ලෙස විස්තර කෙරුණා.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සංවිධාන කරනු ලබන රැස්වීම් සඳහා සහභාගි නොවන්නැයි කිසිඳු සාමාජිකයෙකුට උපදෙස් ලබා නොදුන් බවයි තිස්ස අත්තනායක මහතා අවධාරණය කරන්නේ. එලෙස උපදෙස් ලබා දුන් බවට පළ වු මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව ද ප‍්‍රකාශ කෙරුණා.
ඇතැම් මාධ්‍ය කටයුතු කරන්නේ ආණ්ඩුවේ උවමනාවට බව ද ප‍්‍රචණ්ඩ නොවන සුහදශිලි ආකාරයකින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ප‍්‍රකාශ කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.