2012-01-24

මැගසින් නොසන්සුන් - 2nd update


කොළඹ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් මතුව ඇතැයි බොරැල්ල පොලීසිය පවසනවා. එම තත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලඇණි සහ යුද හමුදාවද කැඳවුවා. බන්ධනාගාර රැඳවූවන්ට  ආහාර ලබාදීම සීමා කිරීම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වීමට බලපෑ හේතුවයි.
මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව තිබෙනවා. බන්ධනාගාරය තුළ ගිනි තැබීමක්ද සිදුව තිබෙනවා. එම නිසා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථද එම ස්ථානයට කැඳ වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කරන්නේ. මේ වන විටත් බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයද වසා දමා තිබෙනවා.