2012-01-18

කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තු පුස්තකයෙන් ඉවතට


පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබු පනත් කෙටුම්පත් 03 ක් ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය අද පියවර ගත්තා. සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම ඉල්ලා අස්කර ගැනීම සිදු කර තිබෙනවා. සේවා නියුක්තිකයන්ගේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පණත් කෙටුම්පත හා විදේශ සේවා නියුක්තිකයන්ගේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් පණත් කෙටුම්පත් මෙලෙස ඉල්ලා අස්කර ගැනුනා.
විශ‍්‍රාම වැටුප් පණත් කෙටුම්පත ද ඊට ඇතුලත්. නෙත් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ මේවා 14,15,16 යන අංක යටතේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබූ බවයි.
මේ අතර සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත අද පස්වරුවේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එය දැන් විවාදයට ගැණෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.