අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල අනතුරු ඉහළ යාමට කරුණු 04 ක් බලපා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එවැනි හරස් මාර්ගවලට අපරික්ෂාකාරිව වාහන ඇතුළු කිරීම, ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, අනිසි හදිසිය සහ මාර්ග නීති උල්ලංගණය කිරීම එම කරුණු 4 යි.
ගත වූ 2011 වසරේ දී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදු වූ අනතුරු සංඛ්‍යාව 49 ක්. එ්වායේදී පුද්ගලයන් දස දෙනෙකු මියගියා.
මේ අතර රටපුරා දැනට හඳුනාගෙන ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 900 ක්. එ්වායින් 200කට ආරක්ෂිත ගේ්ට්ටු යෙදීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පවසනවා. වැය කරන මුදල රුපියල් මිලියන 1000 ක්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.