2012-01-24


ඩෙංගු රෝගයට ගොදුරු වූ වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙක්. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ඩෙංගු මර්දන කාර්යසාධක බලකායද අද රැස්වීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මදුරු මර්දන වැඩපිළිවෙළ සහ පැන නැගී ඇති ගැටලූ පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනවා. පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 28,140ක් හමු වූ අතර මියගිය සංඛ්‍යාව 185 ක්.
මේ අතර ඉන්දියාවේ මේ දිනවල පැතිර යන මාරාන්තික ක්‍ෂය රෝග කාරක විෂබීජය මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතිනවා. ක්‍ෂය රෝග මර්දන ඒකකය ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරන බවයි.