කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 25 දෙනෙකු මේ වන විට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක නිරත වනවා. ඔවුන් ප‍්‍රකාශ කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් තමන්ට වෙඩි තැබූ බවයි. මැගසින් බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් විසි දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් අතර බන්ධනාගාර නිලධාරියෙකුද සිටිනවා. ඔවුන්ගේ දෙපාවලට වෙඩි වැදී ඇති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියා. නව මැගසින් බන්ධනාගාරයේ ආහාර ලබාදීමේදී ඇති වූ ගැටලූවක් මෙම නොසන්සුන්කාරී වාතාවරණයට හේතුවයි.