බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනු වෙනුවට එය විනාශ කරමින් සිටින බවට මහා සංඝරත්නයෙන් චෝදනා එල්ල වනවා. සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරගමුවේ වජිර හිමියන් පැවසුවේ අමාත්‍යංශයේ කි‍්‍රයාකාරීත්වයෙන් එය පැහැදිලිවන බවයි.
භික්ෂූනීන් වහන්සේලා වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම මෙන්ම භික්ෂුනී ආරාම ලියාපදිංචියද අමාත්‍යංශය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ පිළිබඳ කොළඹ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවටක එක්වෙමින් කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේ මෙම අදහස් පළ කළා. උන් වහන්සේ පෙන්වා දුන්නේ ශාසනයට වඩාත් ලැදිව එය සුරක්ෂිත කිරීමේ වැඩි වගකීම් භාරයක් ඉටු කරන්නේ භික්‍ෂුනින් වහන්සේලා බවයි. එවන් භික්‍ෂුනින් වහන්සේලාට මෙලෙස සැලකීම කිසිවෙකුත් අනුමත නොකරන තත්ත්වයක් බව උන් වහන්සේ පෙන්වා දුන්නා.
භික්ෂුනී ශාසන මණ්ඩලයේ ලේකම් කොත්මලේ සිරි සුමේධා මෙහෙණින් වහන්සේද මෙහිදී තමන් මුහුණ දී සිටින ගැටලූ හෙළි කළා. මෙහෙණින් වහන්සේ පැවසුවේ තමන්ට භික්‍ෂුනින් වහන්සේලා ලෙස හැඳුනුම්පත් නිකුත් නොකිරීම නිසා විදේශගත වීමේදී පවා ගැටලූ මතු වන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.