2012-01-19

සිංහල ජනවරමෙන් දෙමළ ජනතාවට විසඳුමක් දෙන්න


ජාතික ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සිංහල ජනතාව ලබාදුන් ජනවරම උපයෝගී කර ගන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ගනේෂන් මහතා පෙන්වා දෙන්නේ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යන බවට ජනාධිපතිවරයා ඉන්දියාවට ලබාදී ඇති සහතිකය කි‍්‍රයාත්මක වේ යැයි දෙමළ දේශපාලන පක්ෂ විශ්වාස නොකරන බවයි.
එහෙත් සාධනීය විසඳුමක් ළඟා කර ගැනීමට හැකි නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා එම අවස්ථාව ලබා ගත යුතු බව ඔහු අවධාරණය කළා. ගනේෂන් මහතා මේ බව කියා සිටියේ අප කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්. ඔහු පෙන්වා දුන්නේ ජාතික ගැටලූවට ලබාදෙන රජයේ විසඳුම උදේට එකක් සවසට එකක් වර්ගයේ පිලිතුරක් වී ඇති බවයි. ජනාධිපතිවරයා 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් පිළිබඳ කතා කර පැය කිහිපයක් ඉක්ම යන්නට මත්තෙන්ම ආණ්ඩු පක්ෂයේ සෙසු සාමාජික පක්ෂ කිහිපයක් ඊට විරෝධය පළ කිරිම ආණ්ඩුව තුළ ජාතික ගැටලූව පිළිබඳ පොදු එකඟතාවක් නොමැති වීමේ ලක්ෂණය පෙන්නුම් කරන බවද ඔහු පෙන්වා දුන්නා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.