2012-01-19

විනිසුරුවරුන් තිදෙනකු අත්අඩංගුවට?


විශ‍්‍රාමික විනිසුරුවරුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්‍ෂණ පවත්වන බව කොළඹ වංචා විමර්ශන අංශය අධිකරණයට අද දැනුම් දුන්නා. අධිකරණ අමාත්‍යංශයෙන් ලබා ගත් නිල වාහන මෙතෙක් භාර නොදීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.
අමාත්‍යංශය ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ වංචා විමර්ශන අංශය මේ බව කියා සිටියා. කරල්ලියද්ද ගුණතිලක, ආර්.පී.විග්නරාජා සහ එන්.ඞී.එම්. සිල්වා යන විනිසුරුවරුන් තිදෙනාට මාසිකව රුපියල් 38,000 ක කුලි පදනම මත මෙම වාහන ලබා දි තිබුණා. එම වාහන යළි භාර නොදීම හේතුවෙන් අධිකරණ අමාත්‍යංශය අදාල සමාගමට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි අධිකරණයේ දි අනාවරණ වුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.