පෞද්ගලික විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද ආරම්භ කිරිමට සුදානම් වු විරෝධතා පා ගමනට පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා. පසුව එම සිසුන් විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවු බවයි වාර්තා වන්නේ.
මේ වන විට විශ්ව විද්‍යාල භූමියට පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවා තිබෙනවා. මීට අමරතව යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද විශ්ව විද්‍යාල භූමිය අවට රැඳි සිටින බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් රුහුණු විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ ලේකම් නන්දික ගුණසේකර ප්‍රකාශ කළේ පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව තම විරෝධතා කිසිසේත් අඩපන කළ නොහැකි බවයි.
මේ අතර කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනකුගේ පන්ති තහනම් කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාල සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සබරගමු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අද පස්වරුවේ සිට අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී සිටිනවා. ඒ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර මහතාගේ නිවසට සහ වාහනයට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.