දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ පොදු ප‍්‍රවාහන සේවය රාත‍්‍රී 07 දක්වා අද සිට ක‍්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. ඒ අනුව එම සේවා සැපයීම සඳහා අමතර බස් රථ 02 ක් අද සිට ධාවනයට එක් කරන බවයි මණ්ඩලය ප‍්‍රකාශ කළේ.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පොදු ප‍්‍රවාහන සේවා මෙතෙක් ක‍්‍රියාත්මක වුයේ පස්වරු 04.45 දක්වා පමණයි. එහෙත් මගී ජනතාවගේ අවශ්‍යතා සලකා බලා පස්වරු 07 දක්වා පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. ඒ අනුව පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැයකට වරක් බස් රථ ගාල්ල බලා පිටත්වන අතර පෙරවරු 09 සිට පස්වරු 03 දක්වා පැය එකහාමාරකට වරක් බස් රථ පිටත්වනු ඇති. යළි පස්වරු 03 සිට රාත‍්‍රී 07 දක්වා පැයකට වරක් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීමටයි ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.2012-01-11
දක්‍ෂිණ අධිවේගයේ පොදු ප‍්‍රවාහන සේවා පුළුල් කෙරේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.