තඹ මිශ්ර යකඩ ගුලියක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවු කැකිරාව රණජයපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කැකිරාව දිසා මහේස්ත්රාත් දර්ශන ද සිල්වා මහතාගේ නියෝගයකට අනුවයි.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ වැටලිමක දී තැඹිලි ගෙඩියක හැඩයෙන් යුත් රත්ත්රං ගුලියක් සිය භාරයට ගෙන තිබෙනවා. නමුත් එම රත්ත්රං ගුලිය වෙනුවට ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ තඹ මිශ්ර යකඩ ගුලියක් බවයි පරික්ෂණවලදී අනාවරණ වුණේ. සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා එහිදී නියෝග කළා. පලා ගොස් සිටි සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් උසාවියට භාර වී තිබෙනවා.2012-01-11
රන් වෙනුවට තඹ දුන් ස්ථානාධිපති අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.