පක්‍ෂයේ විනය කමිටුව හමුවට පැමිණෙන ලෙස තමන්ට මෙතෙක් දැනුම් දිමක් කර නොමැති බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු කියා සිටියේ විනය කමිටුව හමුවට කැඳවන බවට විවිධ ප‍්‍රචාර ඇතැම් පිරිස් ගෙන යන බවයි.
කෙසේ වෙතත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැළණිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරුන් අතර ඇති වී ඇති ගැටුම සමනය කිරීම සඳහා සන්ධාන නායකයින් මැදිහත් වී සිටිනවා. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත් කෙරුණා. මේ අතර කැළණිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ දුෂිත ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත කැළණියේ පදිංචිකරුවෙකු අද පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.