කටුනායක නිදහස් වෙළෙඳ සේවකයෙකු විරෝධතාවකදී මියයාමේ සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව නඩු පවරන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා. නීතිපතිවරිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනටමත් සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.
පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව කළ උද්ඝෝෂණයකදී සේවකයින් පිරිසක් පහරකෑමට ලක් වූ අතර රොෂේන් චානක නමැති තරුණයා ඉන් මියගියා. එම පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරිය මේ දැනුම් දුන්නා. අදාළ නිලධාරීන් පිළිබඳ සියලූ වාර්තා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. ඒවා අධ්‍යයනය කරමින් පවතින බවයි රජයේ නීතිඥවරිය අධිකරණයට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. කරුණු සලකා බැලූ අගවිනිසුරුවරිය වැඩිදුර නඩු විභාගය මාර්තු 5 වැනිදාට කල්දැමුවා. එදිනට මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි ඇය නීතිපතිවරියට උපදෙස් දී ඇත්තේ.2012-01-19
නිදහස් වෙළෙඳ කලාප සේවක ඝාතනය ගැන පොලීසියට නඩු
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.