2012-01-25

මේනකගෙයි නෙහාරගෙයි හිම සෙල්ලම්


නෙහාරා සහ මේනක දෙපළ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා ඇමරිකාවේ බෝස්ටන් නුවරට ගිය පුවත අප පසුගියදා වාර්තා කළා.
දැන් “ආදරණීය නයගරා“ නමැති ඒ ටෙලි නාට්‍යයේ වැඩ ඇරඹී තිබෙන අතර එහි රූගත කිරීම් කිහිපයක් මේ දිනවල අධික හිම පතනයක් සිදුවන ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ නැගෙනහිර ඩග්ලස් ප‍්‍රදේශයේදී සිදුව තිබෙනවා.
 හිම කබා පැළඳි නෙහාරා සහ මේනක එහි ගිය අවස්ථාවේ සහ මෙම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහත පළවනවා.
නෙහාරාත් මේනකත් පරිගණකයෙන් ටෙලි පිටපත කියවන ආකාරය දැක්වෙන ඡායාරූපද එහි වනවා.