2012-04-22

කොත්මලේ ජලාශය අවදානමක


ලිඳුල ප‍්‍රදේශයේ ඉදිකෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයක් හේතුවෙන් කොත්මලේ ජලාශය රොන්මඩින් පිරියාමේ අවදානමක් මතුව තිබෙනවා. තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසුවේ අදාල බලාගාරයේ ජලය කාණු පද්ධතියකින් ගෙනවිත් අතරමගදී ඉහල සිට පහලට මුදාහරින බවයි. මෙමගින් විශාල පස් කන්දක් සේදී කොත්මලේ ඔයට මුසුවීමෙන් මෙම තර්ජනය උද්ගත වී තිබෙනවා. මෙය අනවසරයෙන් ඉදි කෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයක් බව ද සභාපතිවරයා කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.