2012-11-20

දුම්වැටිවලට මුඛ පිළිකා රූප එකතු කිරීමට පියවර


බහුජාතික සමාගම් කුමන අන්දමේ පියවර ගත්තද ලබන වසරේ සිට දුම්වැටි දවටනවල මුඛ පිළිකා රූප ඇතුළත් කිරීමේ නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 
ලංකාවේ මුඛ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් මේ පියවර ගැනීමට තීරණය කර ඇති බවත් විශේෂයෙන් දුම් පානය කරන 40-60ත් අතර පිරිමින්ගෙන් වැඩි පිරිසක් මුඛ පිළිකාවලට ගොදුරු වීමේ අවදානමකට ලක්ව ඇති බවත් අමාත්‍යංශය පවසනවා. 
ඒ අනුව ලබන මාර්තු මාසයේ සිට දුම්වැටි දවටනවල 80‍%ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි පිළිකා රූප ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය දැඩිව සඳහන් කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.