2012-01-25

ටෙලි නාට්‍ය සුළු චරිතයෙන් ගණිකා වෘත්තියට


වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිමින් නාට්‍යවල සුළු චරිත රඟපෑ නිළියන් දෙදෙනෙකු ගණිකා සේවයේ යෙදීම නිසා බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 
දිස්නා කුමාරි ජයකොඩි හා චමිලා නිසංසලා යන නිළියන් දෙදෙනා සමඟ ජංගම ගණිකා සේවයක් පවත්වාගෙන ගිය චතුර මධුරංග නම් අයෙකුද මේ අතර වෙනවා.

වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000 ක මුදල් හා රුපියල් 50,000 ක ශරීර ඇප මත මොවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා නියම කර තිබෙනවා.
මෙම නිළියන් දෙදෙනා එක් ගැණුම්කරුවෙකුගෙන් රුපියල් 10,000 ට වැඩි මුදලක් අයකර ඇතැයි අධිකරණයේදී හෙලිවී තිබෙනවා.