2012-01-26

එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලන්ඩනයේ මෙහෙයුමක


මෙරට යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි සොයමින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලන්ඩනයේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඉදිරි ජගත් කවුන්සල මානව හිමිකම් සැසිවාරයට පෙර මෙවැනි සාක්ෂියක් සියතට ගැනීම එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ අරමුණයි. මේ සඳහා වන ප‍්‍රබල සාක්ෂියක් ලන්ඩනයට පැමිණ ඇතැයි යන තොරතුර මත  මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක බවයි වාර්තා වුණේ.

මෙවැනි සාක්ෂියක් පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයක් ඉදිරියට ගෙන යාම එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ අරමුණක්. එසේම යුද්ධයේ අවසන් සමය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමටද ඔවුන් සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඉන් ඇතමෙකු මෙවැනි සාක්ෂියක් ඇත්නම් ඒ සඳහා ඩොලර් මිලියන ගණනින් ගෙවීමට සූදානමක් ඇතැයිද ලන්ඩන් අප විශේෂ වාර්තාකරු ප‍්‍රකාශ කළා.