2012-01-17

ලංකාවට බලපෑම් කරන්න -TNA ඉන්දියාවෙන් ඉල්ලයි


ඉන්දියාවේ කි‍්‍රයාත්මක ප‍්‍රාන්ත ක‍්‍රමය මෙරට ක‍්‍රියාත්මක කරන ලෙස රජයට බලපෑම් කරන මෙන් දෙමළ ජාතික සන්ධානය , ඉන්දියාවට දැනුම් දුන්නා. ඒ ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම් ක‍්‍රිෂ්ණා මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේදීයි.
රජය සමග දෙමළ ජාතික සන්ධානය පැවැත් වූ සාකච්ඡා ප‍්‍රතිඵල රහිත බවයි ඔවුන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ. පවතින ගැටලූ සම්බන්ධයෙන් රජය ධනවාදී පිළිතුරක් ලබා නොදෙන බවට ඔවුන් චෝදනා කළා. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ප‍්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජිතයන් සමගද ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මේ අතර දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර  තෙදින සාකච්ඡා වටයක් අද ආරම්භ වනවා. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බවයි දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කරන්නේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.