2012-01-17

ජනපති දැනුවත් කළත් තවමත් විසඳුමක් නැහැ


සිය ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ ද මෙතෙක් විසඳුම් නොලැබුණ බව කොළඹ මහනගර සභා මන්ත‍්‍රී අසාද් සාලී මහතා පවසනවා. ඔහු කියා සිටියේ කොළඹ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ පවතින ගැටළු කිහිපයක් හේතුවෙන් තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වන බවයි.
ලබන 19 වැනිදා සිය තීරණය නගර සභා මාසික සභා වාරයේදි ප‍්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා. නගර සභාවේ විපක්‍ෂ නායකවරයා සහ තවත් මන්ත‍්‍රීවරයෙකුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මෙම ගැටළු නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.