ලබන වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ජාතික ඇගයීම් විභාගයක් පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස් කිරිමේ යෝජනාවලියෙන් නිර්දේශ කර තිබෙනවා. මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේ දි අධ්‍යාපනය පිළිබඳ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතයි.
අධ්‍යාපන පනත සකස් කිරිම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් විවිධ සංවිධාන මෙන්ම වෙනත් පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස් අනුව මෙම යෝජනාවලිය සකස් කර ඇති අතර දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බවද යෝජනාවලියේ සඳහන්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.