ආණ්ඩුව විසින් පසුගිය පෙබරවාරී මාසයේ සිදුකළ බස් ගාස්තු සංශෝධනය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන සහ කැබිනට් මණ්ඩලයම සම්මත කළ ජාතික ප්‍රතිපත්තියට පටහැනි බව දක්වමින් එම බස් ගාස්තු සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ත පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති සහ නාගරික මන්ත්‍රි සුනිල් වටගල යන මහත්වරුන් විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.
පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක, ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වී. සමරවීර, ජාතික ගමනාගමන කොමිසම ඇතුලූ පාර්ශවයන් 07ක් මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට පටහැනිව ආසන්නතම සංශෝධනය සිදුකර ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙන්නේ.
2002 ජූනි 12 වෙනි දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුකූලව ගාස්තු වැඩි කරන්නේ නම් වැඩිවිය යුත්තේ 20% නොව 15.75%කින් බවත් අවම ගාස්තුවද රු. 9.00 නොව රු. 7.86ක් පමණක් විය යුතු බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
එහෙත් ආසන්නතම සංශෝධනයේදී එය 20%කින් ඉහළ නැංවුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, පෙත්සම වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවත් මෙම බස් ගාස්තු සංශෝධනය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මෙම පෙත්සම ලබන අප්‍රේල් 24 හෝ 30 දිනයන්හි සලකා බැලීමට නියමිතයි.
Source : srilankamirror
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.