‘රුපියල් 7500කින් පවුලක් ජීවත් වෙන හිටි බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා අද කියයි. මමත් ඉන්නෙ අද ඒක ගැන දැනගන්න තමයි’ යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පල කලේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින්.
රුපියල් 7500කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි බවත් රුපියල් 2500කින් එක් අයෙකුට මාසයක් ජීවත් විය හැකි බවටත් තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධ අභියෝගයක් කළා.
එය පිළිගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරණානායක මහතා සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අතර විවාදය අදා රාත්‍රී 9.45 දෙරණ රූපවාහිනිය සහ දෙරණ ගුවන් විදුලිය ඔස්සේ විකාශණය වීමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.