2012-04-02

කහවත්ත ඝාතකයන්ගේ බැංකු ගිණුම් පිරික්ෂයි


රත්නපුර කහවත්ත‍ කොටකෙතන ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඔහුගේ සහෝදරයා සහ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඝාතනයට සහය දුන් බව කියන පුද්ගලයෙකු ද සැකකරුවන් අතර වන බව පොලිසිය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.