ක්ෂණික ආහාරවලට නොව සම්ප්‍රදායික පෝෂ්‍යදායී ආහාර වේලකට දරුවන් හුරු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ක්ෂණික ආහාරවලට දරුවන් හුරු කිරීම මගින් සිදුවන්නේ ජාතික ධනය විනාශ වීම පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එසේම සෞඛ්‍ය ගැටලු මතු වීම හා ජීවිත විනාශ වීම පවා ඒ හරහා සිදුවන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ලෝක සෞඛ්‍ය දිනය තේමා කරගත් ‘මිහි මෙත් සුවසර‘ වැඩසටහන යටතේ යහ පෝෂණයෙන් ක්‍රියාශීලී බවින් සහ සෞඛ්‍යයෙන් පිරිපුන් ජීවිතයක් වෙනුවෙන් ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා.
නිවැරදි ආහාර පුරුදු මෙන්ම ශාරීරික ව්‍යායාම පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා. ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් මස 07 වන දිනට යෙදී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.