2012-04-05

ඌරගස්මංහන්දියේ සැකකටයුතු මළ සිරුරක්


ඌරුගස්මංහන්දිය වැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ග‍ලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රන්තොටුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 61 ක් වූ පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
ඔහුගේ මෘත ශරීරය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව ඌරුගස්මංහන්දිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.