2012-04-14

ලොව සියලු භූ මායිම්වල භූ කම්පන


ඊයේ රාත්‍රී නවයෙන් අවසන් වූ පැය 24 තුළ ලෝකයේ සියලූ භූතල මායිම්වල  භූකම්පන සිදුව තිඛෙන බව  අමෙරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුවල  භූකම්පන 30කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතරල ඉන් භූකම්පන 15ක්ම සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ඒවායින් සුනාමි අවදානමක් ඇති නොවන බව අමෙරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසනවා. 
උතුරු ඉන්දියාවේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක භූකම්පනයක් සිදුව ඇත. රික්ටර් මාපකයේ ඒකක 4.5 භූකම්පනයක් චීනයේද සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියා සිටිනවා. ජපානය අවට භූකම්පන 5ක් සිදුව තිබෙනවා.  ඒවා රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් සහ 5.6ක් ලෙස සටහන්වී ඇති බවයි වාර්තා වන්නේ. සුමාත්‍රා දූපත් ආසන්න මුහුදු කලාපයේ ඊයේ (13) රාත්‍රියේ සිට මේ දක්වා සුළු ‍භූකම්පන කිහිපයක් සිදුව තිබෙන බවත්  මීට සුළු වේලාවකට පෙර රික්ටර් මාපකයේ ඒකක 4.6ක සුළු භූකම්පනයක් සිදුව ඇති බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දා සිදුවූ භූකම්පනයෙන් අනතුරුව ඈත් වූ භූ තැටි යළි යථා තත්ත්වයට පත්වීමේ දී මෙවැනි සුළු භූකම්පන සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙසේ ඇති වන සුළු භූ කම්පන මගින් කිසිඳු බලපෑමක් සිදුනොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.