2012-04-12

මීගමු ධීවරයෝ මුහුදු නොයයි


මීගමුව ප්‍රදේශයේ බොහෝ ධීවරයින් අද දිනය තුළ මුහුදු යාමෙන් වැළකී තිබෙනවා. 
අද දිනය තුළ ධීවර කටයුතුවල නියැලීමේ සූදානමක තමන් නොසිටි බව ධීවරයෝ පවසනවා. ඊයේ පස්වරුවේ සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට ප්‍රචාරය වීමත් සමග තම බෝට්ටු සහ ධීවර ආම්පන්න ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට කටයුතු කළ බව ඔවුහු පෙන්වාදෙති.
ඊයේ පස්වරුව වන විටත් සුනාමි අවදානම පහව නොගිය බැවින් අද දිනයේ ධීවර කටයුතුවල නියැලීමට සූදානම් වීමට නොහැකි වූ බව එම ධීවරයෝ කියා සිටියා. එක්දින,  බහුදින සහ සුළුපන්න ධීවරයින් බොහෝදෙනෙකු මේ හේතුවෙන් අද ධීවර කටයුතුවලින් වැළකී සිටි බව වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.