2012-04-03

බන්දුල - රවී වාදය අද රෑ


රුපියල් 2500 න් එක් අයෙකුට මසක් ජීවත්විය හැකි බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදය අද (03) පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අතර පැවැත්වෙන මෙම විවාදය අද රාත්‍රී 9.45ට ටී.වී. දෙරණ ඔස්සේ වාද පිටිය වැඩසටහනින් විකාශය වීමට නියමිතයි.

මෙහි සමගාමී විකාශය එෆ්ගඑම් දෙරණ ඔස්සේ ද විසුරුවා හැරීමට නියමිතයි.
තිදෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත්වීම සඳහා මසකට රු.7500 ක් ප්‍රමාණවත් බවත් එක් පුද්ගලයකුට රු.2500 ක් හොඳටම සෑහෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණා.
එහිදී මාධ්‍යවේදියකු විසින් අමාත්‍යවරයාගේ ජීවන වියදම් ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් රු.2500 න් ජීවත්විය හැකිවීම පිළිබඳ පෙන්වා දෙන්නට ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන්නට තමා සූදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයාගේ එකී අභියෝගය භාර ගනිමින් නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් අදාළ තේමාව සමග සංවාදයකට සූදානම් බව නිවේදන මගින් දැනුම්දෙනු ලැබීය.
එහෙත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විවාදයට කැමැත්ත පළකර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග පමණි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.