ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ වැඩපිළිවෙළ සබරගමුව හැර ඉතිරි පළාත් සභා අටම ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ.
ප්‍රජනක සෞඛ්‍යය මඟින් සිදු කරන්නේ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කියා වරදවා තේරුම් ගැනීම නිසා මේ වැඩපිළිවෙළ පළාත් සභා මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක මහතා පවසයිග ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී.
පාසල් දරුවන් තරුණ වියේදි විවිධ ශාරීරික වෙනස්වීම්වලට ලක්වන අතර ඒවා රෝගයන් යැයි සිතා වැරදි අවබෝධයක් ලබාගන්නේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැතිකම නිසා බව ද ඒ පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මඟින් දරුවන් යහ මඟට යොමු කර ගත හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පාසල් දරුවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන බවත් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳව ළමයින්ගේ නොදැනුවත්භාවය වෙනුවට දැනුවත්භාවයක් ලබාදීම සිදු කළ යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.
ඒ අරමුණ මුල් කර ගනිමින් රජය රුපියල් මිලියන 34 ක් වැනි විශාල මුදලක් මේ වැඩපිළිවෙළ සඳහා වෙන් කර ඇති බව ද මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම ජාතික අපරාධයක් බව ද ඇමැතිවරයා කීය. ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සෑම පළාතකම අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
එහෙත්ල මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේල මේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් බවයි ” එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවාග” යයි ඔහු වැඩිදුරටත් පැවසිය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.