2012-11-13

උගන්ඩා සහ ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයන් අතර හමුවක්


තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවනවා. ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි උගන්ඩා ජනාධිපතිවරයා ඊයේ ශ‍්‍රී ලංකාවට පැමිණියා. උගන්ඩා ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරු දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට එළැඹිමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙරට වෙළෙඳ ප‍්‍රජාවට සිය රටේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමට උගන්ඩා ජනාධිපතිවරයා සුදානමින් සිටින බවයි. පසුගිය අපේ‍්‍රල් මාසයේ ජිනිවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සැසිවාරයේ දී උගන්ඩාව ශ‍්‍රී ලංකාවට සහය ලබා දුන්නා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.