අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වු බව ප්‍රදේශවාසීන් පවසනවා. ඊයේ (03) රාත්‍රියේ අවස්ථා 3 කදී එම තත්ත්වය වාර්තා වූ බවද ඔවුන් පවසනවා.
පසුගිය සති කිහිපය තුළම අවස්ථා ගණනාවකදීම අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල, ගල්කන්ද, පල්ලන්ඔය, දේවාලහිඳ සහ කිවුලේගම යන ප්‍රදේශවලට මෙවැනි භූ චලන තත්ත්වයන් වාර්තා විය.
අදාළ සිදුවීම් පිළිබඳ සොයා බැලීමට අද දිනයේ විශේෂ කණ්ඩායමක් අම්පාර ප්‍රදේශයට පිටත් කර හරින බව පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.