2011-12-15

ඉදිරි කන්නයට බලපා තිබූ අවදානමක් පහව යයි

ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා ජලය ප‍්‍රමාණවත් නොවීම පිළිබඳ මතුව තිබූ අවදානම පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ප‍්‍රමාද වීම හේතුවෙන් ජල අර්බුදයක් මතුවේදැයි බිය පළ වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට දිවයිනේ ප‍්‍රධාන ජලාශවල අක්කර අඩි මිලියන දෙකයි දශම එකක ජලය පිරී තිබෙනවා. එය එම ජලාශවල සමස්ත ජල ධාරිතාවෙන් සියයට 76ක්. මේ වන විට ප‍්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ 55ක් වාන් මට්ටමටද පැමිණ ඇති බවයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.ඒ. ගොඩලියද්ද මහතා පැවසුවේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.