බොරලැස්ගමුව නගරයේ තිබෙන ලැඟුම්හල් සඳහා 2014 වර්ෂයට බලපත් ලබානොදීමට කටයුතු කරන ලෙස නගර සභාවේ උප සභාපති අනුර අතුකෝරළ මහතා ඉකුත් මහ සභාවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. සභාපති දේශබන්දු අරුණ ප්රියශාන්ත මහතා ඇතුළු විපක්ෂ සියලු මන්ත්රීවරුන්ගේ ප්රසාදයට ලක්වූ මෙම යෝජනාව ඉදිරිපත් කරමින් උප සභාපතිවරයා මෙසේ පැවැසීය.
මෙම ලැඟුම්හල් සම්බන්ධයෙන් ප්රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ජනතාවගේ දැඩි විරෝධතාවයක් තිබෙනවා. විශේෂයෙන් පාසල අසල තිබෙන ලැඟුම්හලේ සිදුවන දේවල් පිළිබඳ කුඩා දරුවන් අසන ප්රශ්නවලදී මව්පියන් අසරණ වෙනවා. ලොව වෙන රටවල විනෝදාස්වාදය සඳහා ලැඟුම්හල් තිබෙන්නේ වෙනම ප්රදේශවල. මේවා පවත්වා ගෙන යා යුත්තේ නගරයෙන් බැහැරවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.