මාතලේ රෝහල් භූමියේ සිදු කරන ලද කැනීමකදී සොයා ගන්නා ලද සමූහ මිනීවලේ තිබී හමු වූ මිනිස් හිස්කබල් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේ තවත් අස්ථි කොටස් කිහිපයක්ද සොයාගෙන ඇති බවයි. ඒවා මේ වන විට මාතලේ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කර තිබෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින්ද එම අස්ථි කොටස් පරීක්ෂා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. රෝහල් භූමියේ ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදු කරන ලද කැනීමකදී මෙම සමූහ මිනීවල සොයා ගැනුනා.
2012-12-04
මාතලේ සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් හිස් කබල් සංඛ්‍යාව 24 දක්වා ඉහළට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.