2013-03-27

අලුත් ජෝඩුවගේ අලුත් වැඩ හොරෙන් බැලු පාසල් වෑන් රියැදුරු අත්අඩංගුවට


අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක්‌ ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර සෝමානන්ද මාවතේ පදිංචිව සිටි සැකකරු වෘත්තියෙන් පාසල් වෑන් රියදුරකුද වන බව පොලීසිය පවසනවා.
සැකකරු සමග යුවළ සිටි කාමරයේ දොරට උඩින් සුළං කවුළුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාවක්‌ යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය හා අසභ්‍ය සංයුක්‌ත තැටි 29ක්‌ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
යුවළ කාමරය ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී දොරට ඉහළින් තිබූ සුළං කවුළුව අවහිර වනසේ රඳවා තිබූ කාඩ්බෝඩ් කැබැල්ල ඉවත් කිරීමේදී බිමට වැටුණු කැමරාව ගැන සැක සිතූ යුවළ එය වයරයක්‌ මාර්ගයෙන් රියදුරු සිටින කාමාරයට සම්බන්ධ කර ඇති බව මුලින්ම දැක ගත හැකිව තිබිනැයි ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.
රියදුරු නිවසේ නොමැති අවස්‌ථාවක්‌ බලා රියදුරුගේ කාමරයේ තිබූ පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් එම නිවසට ආ දිනයේ සිට පෙර දින රැය දක්‌වා සියලුම නිදි යහනේ දර්ශන එම පරිගණකයේ තැන්පත්ව තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.
සැකකරු හා දේපළ පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.