බෙරගල හපුතලේ මාර්ගයේ 186 කිලෝමීටර් කණුව අසලට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. මේ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බව වාර්තා වනවා. කෙසේ වෙතත් පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව එම පස්කන්ද ඉවත් කර තිබෙනවා. මේ වන විට සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු සිදු කෙරෙන බවයි පොලිසිය පැවසුවේ. මේ අතර නුවරඑළිය පොලිස් වසමේ යුනික් විව් ඉහළ කොටස නාය යෑමේ අවදානමට ලක්ව තිබෙනවා. ප‍්‍රදේශයේ පවුල් 35කට අයත් පදිංචිකරුවන් 155 දෙනෙකු ඉන් ඉවත් කළ බවයි පොලීසිය පැවසුවේ ඔවුන් මේ වන විට නුවරඑළිය බෞද්ධ මන්දිරයේ ලැගුම්ගෙන සිටිනවා. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
2012-11-02
බෙරගල මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.