2013-03-29

ඇඹිලිපිටිය ජනාධිපතියේ සංවර්ධන සමිතියේ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලට

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී අභ්‍යාසලාභියෙක් ද තුවාල ලබා තිබෙනවා. රැස්වීම සහ නිලවරණය නිත්‍යනුකූල නොවන බව හිටපු ලේකම් අජිත් රාජපක්ෂ මහතා පවසනවා. 
විදුහල්පති ලයනල් විජේසිංහ මහතා පැවසුවේ මව්පියන්ට ලිඛිතව දැනුම් දී මෙම මහ සභාව සහ නිලවරණය පැවැත්වූ බවයි. දෙදහසක පමණ මවුපියන් පිරිසක් පැමිණ සිටි බවත් අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පිරිසක් කලහ කළ බවත් ඔහු පවසනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.