2013-03-29

ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ අතුරුදන්වීමේ වර්ධනයක්


හැටන් - නල්ලතන්නි මාර්ගයේ සීත ගගුලේ සිට උඩමළුව දක්වා වූ ප‍්‍රදේශයේ දී සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් අතුරුදන්වීමේ වැඩි ප‍්‍රවණතාවක් නිර්මාණය වී ඇතැයි නුවරඑළිය දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසනවා.
සති අන්තවලදී හා පසළොස්වක පෝය ඇතුළු රජයේ නිවාඩු දිනවල විශාල පිරිසක් ශ‍්‍රී පාද වන්දනාවේ යෙදෙන බවත් එහි දී සිදුවන තෙරපීමෙන් වැළකීම සඳහා බොහෝ පිරිස් සිරිපා මාර්ගයෙන් පිටතට පැන කැලෑ මාර්ගවලින් ගමන්කිරීමට තැත් කිරීම නිසා මෙසේ අතුරුදන්වීම්වලට ලක්වන බවත් දිසාපතිවරයා පැවැසීය.
මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ ශ‍්‍රී පාද වන්දනාවේ යෙදුණු කුඩා හා මහලූ පුද්ගලයන් රැසක් අතුරුදන් වී සොයාගත් බවත් ඇතැම් අතුරුදන් වූ පුද්ගලයන් සොයාගැනීමට දින හත අටක කාලයක් ගත වූ බවත් නුවරඑළිය දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසනවා.
ශ‍්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් රාත‍්‍රී කාලයේ දී කැලෑ මාර්ගවලට ඇතුළු නො වී සුපුරුදු ශ‍්‍රී පාද මාර්ගය පමණක් භාවිත කරන ලෙස නුවරඑළිය දිසාපතිවරයා සියලූ ම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.