2013-06-02

කතකගේ දිවි බේරා ගැනීමට සැකකරුවකුට වෙඩි - සැකකරු මරුට


මිනුවන්ගොඩ තෙලග්ගල නිවසක කාන්තාවක් පිහියෙන් ඇන මැරීමට තැත් කළ පුද්ගලයකු ඉන් වැළැක්වීම සඳහා එම පුද්ගලයාට වෙඩි තැබීමට පොලීසියට සිදුව තිබෙනවා. කාන්තාවක් ඝාතනය කිරීමට කිසියම් පුද්ගලයකු උත්සාහ දරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය වහා එහි ගොස් තිබෙනවා. 
සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබා සිටි අයුරු දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඔහුට පවසා තිබෙනවා. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම අවස්ථාවේ පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතර දොර කඩාගෙන එහි ඇතුළු වූ පොලීසියට ඔහු මන්නයකින් පහර දෙන්නට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේ ඔහුට යළි වෙඩි තැබූ බවද පොලීසිය පවසනවා.
පසුව මොවුන් දෙදෙනාම රෝහල් ගත කළ බවත් සැකකරු මිය ගිය බවත් පොලීසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.