2013-07-23

සමිප ඇසුරේ වෙඩි උණ්ඩය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සයිප්‍රසයේදී මරු කැඳවයි


සයිප‍්‍රසයේ සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා මරා දමා ඇතැයි තානාපති අංශ වාර්තා පවසයි. සයිප‍්‍රස් ජාතිකයකු විසින් පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සයිප‍්‍රස් පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සයිප‍්‍රස් ජාතිකයා සහ එම කාන්තාව අතර කලක් තිස්සේ පැවති සමීප සම්බන්ධයක් අතරතුරදී ඔවුන් අතර සිදු වූ මත ගැටුමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද වාර්තා වනවා. වෙඩි තැබීමෙන් පසු සයිප‍්‍රස් ජාතිකයාද හිසට වෙඩි තබාගෙන මියයාමට උත්සාහ දරා ඇතත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව නොමැත. මියගිය කාන්තාව දංකොටුව ප‍්‍රදේශයේ තැනැත්තියකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.