බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟළුම් කම්හලක ඇතිවු ගින්නකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබු බවයි බී.බී.සි ලෝක සේවය පවසන්නේ.
බංග්ලාදේශයේ ඇගළුම් කම්හල් බොහෝමයක ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව කලක සිට ප්‍රකාශ කෙරෙනවා. ඩකා නුවරට පිටතින් පිිහිටි ඇගළුම් කම්හලක් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී කඩා වැටුණා. එයින් මියගිය සංඛ්‍යාව 1100කට වැඩියි. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ද බංග්ලාදේශයේ ඇගළුම් කම්හලක ගින්නක් ඇතිවුණා. එයින් මියගිය සංඛ්‍යාව 112 දෙනෙක්.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.