රුසියානු ජනපති ව්ලැද්මිර් පුටින් මහතා ටයිකොන්ඩෝ ඉහළම ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබෙනවා. දකුණු කොරියාවේ සංචාරයක යෙදී සිටියදී ජනපති පුටින්ට ටයිකොන්ඩෝ නවවැනි ශ්‍රේණියේ කළුපටි ශූරතාව ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ප්රදානය කර තිබෙනවා. ඒ අනුව ජනපති පුටින් නිරායුධ සටන් ශිල්පී සහ නළුවකු වන චක් නොරිස්ට වඩා ඉදිරියෙන් සිටිනවා. චක් නොරිස් අටවැනි ශ්‍රේණියේ කළුපටි ශූරයෙකි.
නිරායුධ සටන් ක්‍රම සම්බන්ධයෙන් රුසියානු ජනපතිවරයා මෙලෙස ගෞරවයට පාත්‍ර වූයේ පළමු වරට නොවේ. මේ වන විටත් ඔහු ජූඩෝ කළුපටි ශූරයෙකි. ‘ව්ලැද්මිර් පුටින් සමග ජූඩෝ ඉගෙන ගමු’ (Let’s Learn Judo with Vladmiri Putin) නමින් ඔහු මෙයට පෙර ඩී.වී.ඩී.පටයක් ද නිකුත් කර ඇති බව සඳහන්ය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.