2013-11-15

මියගිය මව හත්දොහේ දානය දවසේ යළි නිවසට

සිය මව මියගිය බව සිතා දරුවන් මහා සංඝරත්නට හත් දවසේ දානය පිලිගන්වමින් සිටියදී එලෙස මියගිය බව සිතූ මව නිවසට පැමිණීමේ පුවතක් කඩවත රන්මුතුගල ප‍්‍රදේශයෙන් අද වාර්තා වුණා. පසුව කළ සොයා බැලීමකදී හෙළිවුණේ සිය මව බව සිතා දරුවන් විසින් අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ වෙනත් කාන්තාවකගේ බවයි. එම කාන්තාව ඉකුත් අට වනදා 
සිදු වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. අවසන් කටයුතු සඳහා ඇගේ සිරුර දරුවන්ට භාරදී තිබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර සිය මවගේ බවට ඔවුන් විසින් හ`දුනාගැනීම නිසායි. අවසන් කටයුතු සිදුකරන තෙක් ඇගේ සිරුර රාගම බටුවත්ත ප‍්‍රදේශයේ නිවසක දින කිහිපයක් තැන්පත් කර තිබුණා. පසුව අවසන් කටයුතු සිදුකර තිබෙන්නේද රාගම බටුවත්ත ප‍්‍රදේශයේදීමයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.