2013-11-16

අල ලූණු ආනයනික බදු පහත දමයි

ආනයනික අර්තාපල්, ලොකු ලූනු සහ රතු ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අද මධ්‍යම රාත‍්‍රියේ සිට පහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග‍්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 40ක බද්ද රුපියල් 30කින් අඩුකිරීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. ලොකු ලූනු කිලෝග‍්‍රෑමයක් සඳහා අයකෙරුණු ආනයනික බද්ද රුපියල් 25කින් පහත දමා තිබෙනවා. ඒ අනුව ලොකු ලූනු කිලෝග‍්‍රෑමයක් සඳහා අයකෙරෙන නව බදු මුදල වන්නේ රුපියල් 10ක් පමණයි. ආනයනික රතු ලූනු කිලෝග‍්‍රෑමයක් සඳහා අයකළ රුපියල් 15ක බද්ද රුපියල් 5 දක්වා අඩුකිරීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.